සභාපතිවරුන්ගේ කතාව

ගාලු දිස්ත්‍රික්කයේ දුෂ්කර මෙන්ම දුරබැහැරම ප්‍රාදේශීය සභාව වන නෙළුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් හෙක්ටයාර 15,348 ක භූම් ප්‍රමාණයක් තුළ 31,000 ක් පමණ ජනතාවත් වාසය කරයි. අප බල ප්‍රදේශයේ පවතින මාර්ග පද්ධතියද තරමක් දුෂ්කර වන අතර එම නිසා ජනතාවද තම සේවා ඉටුකර ගැනීමට පැමීනිම අපහසු මට්ටමක පවතී.
ගෝලීය ප්‍රවණතාවයක් වන තොරතුරු තාක්ෂණයේ දියුණුවත් සමග පුද්ගලයන් අතර හා ආයතන අතර පවතින දුරස්ථභාවයද අඩුවී ඇත. අප ආයතනය අඩු ආදායම් ලාභී පළාත් පාලන ආයතනයක් බැවින් නවීන තාක්ෂණය වැලදගැනීමට මූල්‍ය ශක්තියක් නොතිබුනද Transparency International Sri Lanka ආයතනයේ පරිත්‍යාගයක් ලෙස ලද වෙබ් අඩවිය තුළින් ජනතාවට වඩාත් ලංවෙමින් ඔවුන්ට කාර්යක්ෂමව සේවා හා තොරතුරු අවශ්‍යතා ඉටුකිරීමට අපේක්ෂිතය.
අප බලප්‍රදේශය දුෂ්කර වුවත් සිංහරාජ වනපෙතින් පෝෂිත දිය ඇලි, ඇල දොළින් ගහන මනරම් පාරිසරක තත්වයක පිහිටා ඇති නිසා එය සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍ය හරහා එය ප්‍රසිද්ධවීම තුලින් වර්ථමානයේ විශාල සංචාරක ආකර්ෂනයක් අප බලප්‍රදේශයට ලැබී ඇත. මෙම වෙබ් අඩවිය හරහා තව දුරටත් අප ප්‍රදේශයේ පිහිටි සංචාරක ස්ථාන ප්‍රවර්ධනය කිරීමත් සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් හා මගපෙන්වීම සිදුකිරීමටද අපේක්ෂා කරයි.
අඩු ආදායම් ලාභී පළාත් පාලන අයතනයක් වන අප ආයතනයට මෙම නවීන කාන්ෂණික පහසුකම් වලින් සමන්විත වෙබ් අඩවිය ලබාදුන් Transparency International Sri Lanka ආයතනයටත් එහි සමිබන්ධීකරන කටයුතු සිදුකල පළාත් පාලන දෙපාර්තමේන්තුවටත් මාගේ ස්තුතිය පුදකරන්නෙමි.

එම්. අයි. ජී. සුනිල්
සභාපති,
නෙළුව ප්‍රාදේශීය සභාව