ඉපැරණි රෝහණ රාජධානියට අයත්ව පැවති නෙළුව බල ප්‍රදේශය ඉතා සශ්‍රිකව පැවති බවට සාධක හමුවේ. මෙම ප්‍රදේශයේ ඉතිහාසය පොළොන්නරුව රාජධානිය සමය දක්වා ඈතට දිව යයි. මහා වංශය හා සිංහල බෝධීවංශයට අනුව ශ්‍රි මහා බෝධියෙන් හටගත් දෙතිස් ඵලරුහ බෝධි රෝපණයක් සිදුකළ ගම් අතුරින් නෙළුව ප්‍රදේශයේ පිහිටා ඇති මද්දේගම යන ග්‍රාමය සඳහන් වන අතර එය වර්තමාන බටුවංගල රජමහා විහාරය බව පිළිගැනේ. මෙම බෝධීන් වහන්සේ 2003 මහා ගංවතුරට අසුව විනාශ විය. මහා වංශය තොරතුර අනුව මෙහි ඉතිහාසය පළමුවන විජයබාහු රජ සමය දක්වා ඈතට දිව යයි. රජු සොලීන් සමඟ යුධ වැදී පලා ගොස් සැගව සිටි එක් ප්‍රදේශයක් ලෙස මෙය හැඳින් වේ. සිංහරාජ වනපෙතින් ආරක්ෂාවී තිබු මෙම ප්‍රදේශය රජුට හොඳ ආරක්ෂාවක් ලබාදිය හැකි බව සිතිය හැක. මෙම කරුණු සනාත කරන මහාචාර්යය ජී.ජී. මැන්ඩිස් මහතාගේ ලංකා ඉතිහාසය නැමැති පොතේ විජයබා රජු යුද්ධයෙන් පරාජය වී සිටියදී තඹලගම නම් ග්‍රාමයේ කඳවුරු බැඳ ඇති අතර රජුට හා රජු විසින් හප්පිටිය(හක් පිඹපු පිටිය) ග්‍රාමයේදී රැස් කරන ලද සේනාවට යුධ අවි නිපදවා ගැනීම සඳහා තඹලගම ප්‍රදේශයේ ආයුධ කම්මලක් පිහිටුවා ගත් බවට තොරතුරු හෙළි වේ. මේ සම්බන්ධව පුරාවිද්‍යාත්මක සාධක හමු වන අතර විධිමත් ගවේශණයක් සිදු කළ යුතුය. අතිතයේ සන්නසක් මඟින් බටුවංගල විහාරයට අක්කර 20 භූමියක් පුජාකර ඇත. වර්ෂ 2350 දී පමණ මෙම විහාරස්ථානයට සිව්රියන් ලෝකඩ පිළිමයක් ගම්වැසියන් කරවු බවත් එය රජුට පෙන්වු පසු කීර්ති ශ්‍රි රාජසිංහ රජතුමා විසින් බටුවංගල ගම් කොටසත් ඇත් දළ හතරක් රන් පිළිමයකුත් රන් කෙන්ඩියකුත් සරවඟ ධාතුන් සිව්නමකුත් පුජා කළ බව දැක්වේ. මෙම තොරතුරු පුස්කොල පොතක ලියා තබා ඇති අතර එය මන්ත්රකරුවෙකුට හමු වි ඇත. මෙම තොරතුරු සනාත කරමින් එම පුජා භාණ්ඩ අද දක්වාම ගාල්ල යටගල පන්සලේ සුරක්ෂිතව තැම්පත් කරඇත.
වර්ථමානයේ මෙම ප්‍රදේශය පරිපාලනමය වශයෙන් දකුණු පළාතට අයත් වුවත් එවකට මෙම ප්‍රදේශය සබරගමු පළාතට අයත්වුත් ලෙස සැලකේ එයට සාක්ශියක් ලෙස බටුවංගල පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ට හා නෙළුව ප්‍රාදේශීය ලෙකම්තුමන්ටද නුවර දළදා මාළිගාවේ දියවඩන නිලමේ තෝරාපත්කර ගැනීම සඳහා වන ඡන්දය භාවිත කිරීම අදටත් හිමිය. එමගින් පැහැදිළි වන්නේ මෙම ප්‍රදේශයේ ඇති ඓයිතිහාසික වැදගත් කමයි. අතීතයේ සිටම මෙම ප්‍රදේශයේ පැරන්නන් විසින් සිංහරාජ වනපෙත හරහා ශ්‍රිපාද වන්දනාවේ ගොස් ඇති අතර අදටත් පැරැන්නන් විසින් මතකයන් ආවර්ජනය කරයි. වර්ෂ 1344 දී ගාල්ලට පැමිණි අරාබී ජාතික දේශගවේශකයෙකු වන ඉබන් බතුතා විසින් හ්රීපාද වන්දනාවේ ගොස් ඇති අතර මෙම මාර්ගය භාවිත කරබවටද විශ්වාස කරයි.