බක්මහ උළෙල 2024

බක්මහ උළෙල 2024

දකුණු පළාත් ගරු ආන්ඩුකාරවර ආචාර්ය විලි ගමගේ මැතිදුන්ගේ සංකල්පයකට අනුව නෙළුව ප්‍රාදේශීය සභාවේ මූලිකත්වයෙන් සහ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු සෙසු රාජ්‍ය ආයතන එක්ව සංවිධානය කරනු ලබන බක්මහ උළෙල 2024 අප්‍රේල් මස 17 වන දින දවස පුරා නෙළුව ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

කඹ ඇදීම, ගම හරහා දිවීම, ලිස්සන ගස, කොට්ට පොරය, වාසනා මුට්ටිය, බනිස් කෑම ඇතුළු ජන ක්‍රීඩා රැසක් ළමා හා වැඩිහිටි වශයෙන් පැවැත්වේ.

මේ සදහා සංවිධාන ශක්තිය නෙස්ටමෝල්ට් ආයතනය, සම්පත් අතුකෝරල පදනම, නෙළුව වෙළද ප්‍රජාව ඇතුළු සංවිධාන රැසක් ඉදිරිපත්ව සිටී.

April 12th, 2024