Supplier Registration for 2024

Supplier Registration for 2024

2024 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම.
නෙළුව ප්‍රාදේශීය සභාවට අත්‍යවශ්‍ය පහත දැක්වෙන භාණ්ඩ හා සේවාවන් ලබා ගැනීම සඳහා 2024 වර්ෂයට සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම මේ වනවිට සිදුකරමින් පවතී.

02. ඔබ ආයතනය පහත අයිතම සඳහා අප ප්‍රාදේශීය සභාවේ සැපයුම්කරුවෙකු ලෙස ලියාපදිංචි වීමට කැමැත්තක් දක්වන්නේ නම් මේ සමඟ අමුණා ඇති අයදුම්පත්‍රය සම්පූර්ණ කර ඉදිරිපත් කරන මෙන් දන්වා සිටිමි.

01. සැපයුම් උපකරණ
1.1 කාර්යාල උපකරණ / ලී බඩු / වානේ ගෘහ භාණ්ඩ
1.2 ලිපිද්‍රව්‍ය හා කඩදාසි
1.3 විදුලි උපකරණ හා වීථි පහන් උපකරණ
1.4 ජලනල උපකරණ
1.5 වාහන යන්ත්‍ර සූත්‍ර අමතර කොටස් හා උපාංග (ටයර්, ටියුබ්, බැටරි හා අනෙකුත් උපාංග)
1.6 ගල් / වැලි
1.7 සිමෙන්ති / යකඩ ඇතුළු ගොඩනැගිලි උපකරණ
1.8 ඩෙටෝල් ලයිසෝල් සබන් ඇතුළු සෞඛ්‍ය උපකරණ (කොසු, ඉදල්, බුරුසු, අත්මේස්)
1.9 පරිගණක හා පරිගණක උපාංග (ටෝනර්)
1.10 මාර්ග නඩත්තු හා වැඩබිම් උපකරණ (උදලු / සවල් / රේක්ක / කැති/ මන්නා / පිහි / තණකොල
කපන යන්ත්‍ර සූතු හා අමතර කොටස්)

02. සේවා
2.1 මුද්‍රණ සේවා සැපයීම.
2.2 වාහන යන්ත්‍ර සූත්‍ර හා උපකරණ අළුත්වැඩියා සහ සේවා කිරීම.
2.3 පරිගණක යන්ත්‍ර සූත්‍ර හා උපකරණ අළුත්වැඩියාව
2.4 අනතුරුදායක ගස් කැපුම්කරුවන්
2.5 කාර්යාලීය උපකරණ අළුත්වැඩියාව සහ සේවා කිරීම
2.6 ඇඳුම් මැසීම (නිල ඇඳුම් / තිර රෙදි / මේස රෙදි ආදිය)
2.7 වටිනාකම රු.500,000/- දක්වා වූ ඉදිකිරීම් කටයුතු (සුළු කොන්ත්‍රාත්)
2.8 ත්‍රෛභාෂිත පරිවර්තන සේවා
2.9 නිල මුද්‍රා, දින මුද්‍රා සකස් කිරීම.

ලියාපදිංචි වීමේදී පහත පරිදි කටයුතු කළ යුතුය.
1. ලේකම්, නෙළුව ප්‍රාදේශීය සභාව නමට ලියන ලද රු.250/- ක චෙක්පතක් එවීමෙන් හෝ නෙළුව ලංකා බැංකු ගිණුම් අංක 6065675 ගිණුමට රු.250/- ක මුදලක් බැර කර තැන්පතුපත එවීම මගින් හෝ සභාවට පැමිණ මුදල් ගෙවීම මගින් ලියාපදිංචි විය හැකිය. ඉහත අංකනය කරන ලද සැපයුම් උපකරණ හා සේවා කිහිපයක් සඳහා ලියාපදිංචි වන්නේ නම් වෙන් වෙන් වශයෙන් ගෙවීම් කළ යුතුය.

2. 2024 වර්ෂය සඳහා ලියාපදිංචි වීමට මේ සමඟ අමුණා ඇති ආකෘතිය සම්පූර්ණ කර ලියුම් කවරයෙහි වම්පස ඉහළ කෙළවරෙහි “සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම – 2024” යනුවෙන් සඳහන් කර 2023.12.29 දිනට ප්‍රථම ලේකම්, නෙළුව ප්‍රාදේශීය සභාව, නෙළුව ලිපිනයට අයදුම්පත එවිය යුතුය.

3. ඉල්ලුම් කළ විට මිල ගණන් ඉදිරිපත් නොකරන ඇණවුම් කළ විට භාණ්ඩ සැපයීමට අපොහොසත් වන සැපයුම්කරුවන්ගේ ද, නියමිත ප්‍රමිතියෙන් භාණ්ඩ හා සේවා සපයනු නොලබන සැපයුම්කරුවන්ගේ ද ලියාපදිංචිය අවලංගු කර නම අසාදු ලේඛනගත කරනු ලැබේ.

4. තවද භාණ්ඩ හා සේවාවන් ලබා ගැනීමේදී සැපයුම්කරුවන් ලෙස ලියාපදිංචි වී ඇති ආයතන සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන බව ද කාරුණිකව දන්වා සිටිමි.

5. ලියාපදිංචි කිරීමේ ගාස්තු නොගෙවන ලද අයදුම්පත් ප්‍රතික්ශේප කරනු ලැබේ.

ලේකම්,
නෙළුව ප්‍රාදේශීය සභාව,
නෙළුව.

අයදුම්පත්‍රය භාගත කිරීම සදහා මෙම සබැදිය භාවිත කරන්න

December 1st, 2023