ආයතන

දෙල්ලව උප කාර්යාලය

1981 තෙක් නෙළුව හා දෙල්ලව වශයෙන් ගම් සභා දෙකක් වශයෙන් පැවති අතර 1981 දී සංවර්ධන සභා උපකාර්යාල වශයෙන්ද 1987 දී පාදේශීය සභා පනත මගින් නෙළුව ප්‍රාදේහීය සභාවත් එහි උප කාර්යාලයක් ලෙස දෙල්ලව කාර්යාලය නම්කරන ලදී.

නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව

ආයුර්වේද වෛද්‍ය ක්‍රහය තුළින් ශාරීරිකව හා මානසිකව සෞඛ්‍ය සම්පන්න ජන සමාජයක් බිහිකිරීමේ අරමුණින් නෙළුව ප්‍රාදේශීය සභාව මගින් පවත්වාගෙන යනු ලබන නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර කරනු ලබන වෛද්‍ය මධ්‍යස්ථානයකි. සතියේ දින පහේ විවෘත්තව පවතින මෙයින් දෛනිකව විශාල ප්‍රමාණයක් ප්‍රතිකාරගනු ලබයි.

මහජන පුස්තකාල

නෙළුව ප්‍රදේශයේ ජනතාවගේ අධ්‍යාපන හා තොරතුරු අවශ්‍යතා සැපිරීම සදහා නෙළුව මහජන පුස්තකාලය නෙළුව වෙළද සංකීර්න ගොඩනැගිල්ලේ ප්‍රාදේහීය සභා කාර්යාල පරිශ්‍රයේ පිහිටුවා ඇත. ඩිවි දශම වර්ගීකරණය යොදාගෙන වර්ගකරන ලද විවිධ ක්ෂේක්‍ර වලට අදාල පොත් 7,700 ක ප්‍රමාණයක් පාඨකයින්ගේ පරිහරණය සදහා ලබාදී ඇත. එසේම පොත් 5,200 ක ප්‍රමාණයකින් යුතු පුස්තකාලයක් නෙළුව ප්‍රාදේශීය සභාවේ දෙල්ලව උප කාර්යාලයේ ස්ථාපිතකර ඇත.

කසල ගබඩා අංගනය

නෙළුව නගරයෙන් එකතුවන කසල, කසල ගබඩා අංගනය වෙත ගෙන ගොස් වර්ගීකරනය කර නොදිරන ද්‍රව්‍ය අදාල ප්‍රතිචක්‍රීකරන ආයතන වෙත යොමුකරන අතර දිරන ද්‍රව්‍ය මගින් කාබනික පොහොර නිෂ්පාදනය කරනු ලබයි. මෙහි අධික්ෂන කටයුතු සංවර්ධන නිලධාරී කේ.ඩබ්. සමන් කුමාර මහතා සිදුකරනු ලබයි.