ඉතිහාසය

මෙම ප්‍රදේශයේ විවිධ ජාතීන්ට අයත් වූ 31000 ක පමණ ජනතාවක් ජීවත් වන අතර, මෙහි ප්‍රධානතම ආදායම් මාර්ගය වනුයේ තේ වගාවය. වී වගාවද මෙම ප්‍රදේශයේ බොහෝ සෙයින් ව්‍යාප්ත වී ඇති අතර, රබර් පොල් හා කුරු`දු යන වගාවන්ද දක්නට ඇත.

මෙම බල ප්‍රදේශයේ පාලනය ගම් සභා ක්‍රමය යටතේ පැවති අතර, නෙ`ඵව සහ දෙල්ලව වශයෙන් ගම් සභා දෙකක් 1981 වසර තෙක් පැවතුනි. පසුව 1980 අංක 15 දරන සංවර්ධන සභා පනතින් 1981.07.01 දින ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන සභාව පිහිටුවන ලදී. ඒ යටතේ මෙම බල ප්‍රදේශයේ නෙ`ඵව සංවර්ධන සභා උපකාර්යාලය හා දෙල්ලව සංවර්ධන සභා උපකාර්යාලය නමින් පවත්වාගෙන යන ලදී.

ඉන් අනතුරුව 1988.01.01 දින සිට එකී සංවර්ධන සභා 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතින් නෙ`ඵව ප්‍රාදේශීය සභාව හා ඒ යටතේ දෙල්ලව උප කාර්යාලය ස්ථාපනය කරන ලදී. එවකට ප්‍රාදේශීය සභාවේ පාලන බලතල විශේෂ කොමසාරිස්වරයෙකු යටතේ විය.

පසුව 1991.06.01 දින පවත්වවන ලද පළාත් පාලන ආයතන මැතිවරණයෙන් තෝරා පත්කර ගත් නියෝජිත පිරිසකගේ පාලනයට යටත් විය. ඒ අනුව බල ප්‍රදේශයේ බහුතර ජන කොටසකගේ කැමැත්ත පරිදි පොදුජන එක්සත් පෙරමුණේ නායකත්වයෙන් යුතුව සභාපතිධූරය ස`දහා කේ.ඒ. ධනසේන මහතා පත්විය. එහිදී සභාවේ පූර්ණ විධායක බලතල සභාපතිවරයාට හිමිවිය.