හැඳින්වීම

නෙළුව ප‍්‍රාදේශීය සභාව වූ කලී දකුණු පළාතේ ගාල්ල පරිපාලන දිස්ත‍්‍රික්කයේ හිනිදුම මැතිවරණ කොට්ඨාශයට අයත් ග‍්‍රාම නිලධාරී වසම් 34 යුත් වර්ග කිලෝමීටර් 153 ක් පමණ විශාලත්වයෙන් යුතු වූ සාරවත් භූමි ප‍්‍රදේශයකි.

ගාල්ල නගරයේ සිට කි.මි. 63 ක් පමණ දුරින් ඊසාන දිග මායිමේ පිහිටා ඇති නෙළුව ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශය උතුරට රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් ද, බටහිරට ක`ඵතර දිස්ත‍්‍රික්කය හා තවලම ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයෙන්ද නැගෙනහිරට හා දකුණට මාතර දිස්ත‍්‍රික්කයෙන්ද මායිම් වේ.

අතීතයේ දී නෙළුව ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශය ගාල්ල දිස්ත‍්‍රික්කයේ දුෂ්කරම ප‍්‍රදේශයක් ලෙස හැදින්වුවද ස්වභාව සෞන්දර්ය අතින් ඉතා වැදගත් ප‍්‍රදේශයක් ලෙස හැදින්විය හැක. ලංකාවේ දකුණු ප‍්‍රදේශයේ දිස්ත‍්‍රික්ක කිහිපයක විහිදී ඇති සිංහරාජ වනාන්තරය නෙළුව ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයටද උරුම වී ඇත. ලෝක උරුමයක් (ස්වභාවික* ලෙස නම් කරනු ලැබ ඇති සිංහරාජ වනාන්තරය පාරිසරික වශයෙන් ඉහළ ජෛව විවිධත්වයකට හිමිකම් කියයි. භූ විෂමතාව හා ජලවහන රටාව අනුව නෙළුව ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශය ඉතා ආකර්ශණීය වූ රමණීය පරිසරයකින් යුක්ත වන අතර, ප‍්‍රදේශය මැදින් ගලා බසින ගිං ගග ප‍්‍රදේශයට දර්ශනීය බවක් මෙන්ම, වැදගත්කමක් ද ලබා දෙයි. තවද සුවිශේෂ කරුණක් වන්නේ සිංහරාජ රක්‍ෂිතයට ආසන්නව ඇද හැලෙන ¥විලි ඇල්ලයි. එය සිංහරාජයට නව වටිනාකමක් එකතුකර ඇතිවාක් මෙන්ම ඒ ආශ‍්‍රිතව ගොඩනගා ඇති නාන තටාකයටද දෙස් විදෙස් සංචාරකයන්ගේ පැසසුමට ලක්ව ඇත.

මෙම ප‍්‍රදේශයේ විවිධ ජාතීන්ට අයත් වූ 31000 ක පමණ ජනතාවක් ජීවත් වන අතර, මෙහි ප‍්‍රධානතම ආදායම් මාර්ගය වනුයේ තේ වගාවය. වී වගාවද මෙම ප‍්‍රදේශයේ බොහෝ සෙයින් ව්‍යාප්ත වී ඇති අතර, රබර් පොල් හා කුරු`දු යන වගාවන්ද දක්නට ඇත.

මෙම බල ප‍්‍රදේශයේ පාලනය ගම් සභා ක‍්‍රමය යටතේ පැවති අතර, නෙළුව සහ දෙල්ලව වශයෙන් ගම් සභා දෙකක් 1981 වසර තෙක් පැවතුනි. පසුව 1980 අංක 15 දරන සංවර්ධන සභා පනතින් 1981.07.01 දින ගාල්ල දිස්ත‍්‍රික් සංවර්ධන සභාව පිහිටුවන ලදී. ඒ යටතේ මෙම බල ප‍්‍රදේශයේ නෙළුව සංවර්ධන සභා උපකාර්යාලය හා දෙල්ලව සංවර්ධන සභා උපකාර්යාලය නමින් පවත්වාගෙන යන ලදී.

ඉන් අනතුරුව 1988.01.01 දින සිට එකී සංවර්ධන සභා 1987 අංක 15 දරන ප‍්‍රාදේශීය සභා පනතින් නෙ`ඵව ප‍්‍රාදේශීය සභාව හා ඒ යටතේ දෙල්ලව උප කාර්යාලය ස්ථාපනය කරන ලදී. එවකට ප‍්‍රාදේශීය සභාවේ පාලන බලතල විශේෂ කොමසාරිස්වරයෙකු යටතේ විය.

අපගේ දැක්ම

බල ප‍්‍රදේශයේ ජීවත්වන ජනතාවට උපරිම සේවයක් කරමින් යහපත් ප‍්‍රාදේශීය සභාවක් බවට පත්කිරීම

අපගේ මෙහෙවර

සභාව සතු මානව හා භෞතික සම්පත් කළමණාකරණය මගින් බල ප‍්‍රදේශයේ පොදු උපයෝගීතා සේවාවන් මහජන සෞඛ්‍ය හා මංමාවත් වැඩිදුයුණු කරමින් ජනතාවගේ සුඛ විහරණය පහසුව හා සුබ සාධනය සදහා වු සියලූ පහසුකම් ආරක්ෂා කිරීමට හා ප‍්‍රවර්ධනය කිරීමට අදාල සියලූ කරුණු විධිමත් කිරීම පාලනය හා පරිපාලනය කිරීම