දිරාපත්වන කසළ කළමනාකරණය සදහා ව්‍යාපෘති යෝජනා කැදවීම

දිරාපත්වන කසළ කළමනාකරණය සදහා ව්‍යාපෘති යෝජනා කැදවීම

ප්‍රසම්පාදන දැන්වීමයි

නෙළුව ප්‍රාදේශීය සභාව මඟින් එකතු කරනු ලබන දිරාපත්වන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ව්‍යාපෘති යොජනා කැදවීම

කොන්දේසි

  • නෙළුව ප්‍රාදේශීය සභාව මඟින් එකතුකරනු ලබන දීරාපත්වන අපද්‍රව්‍ය (ඉඳුල්/එළවළු/පළතුරු හා වෙනත් කාබණික ද්‍රව්‍ය) සඳහා සුදුසු ව්‍යාපෘතියක් වියයුතුය
  • දෛනිකව එකතුවන කසල ප්‍රමාණය කිලෝ 150කි ඉදිරියේදී වැඩිවන ප්‍රමාණය අනුව ව්‍යාපෘතිය සංවර්ධනය කළ හැකි විය යුතුයි.
  • මුල් අදියර යටතේ සතියක එකතුවන කසල ප්‍රමාණය සඳහා ව්‍යාපෘති යෝජනාව සකස් කළ යුතුය
  • ව්‍යාපෘතියේ ආපසු ගෙවනු ලබන රැඳවුම් මුදල 5%කි
  • ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන දුර්ගන්ධය ,මැස්සන් බෝවීම පාලනය විය යුතුය.(ජන ශූන්‍ය ප්‍රදේශයක භූමියක් නොමැති බැවින්)
  • රු මි. 1 ට අඩු පිරිවැයකින් නිමකල හැකි විය යුතුය.
  • ව්‍යාපෘති යෝජනාව සමඟ මේ සම්බන්ධව ඇති පළපුරුද්ද හා විශේෂතාවය හා මීට පෙර සිදුකර ඇති ව්‍යාපෘති පිළිබඳව තොරතුරුද අමුණා එවීමට කටයුතු කරන්න.
  • ඇස්තමේන්තු සමඟ අදාළ ව්‍යාපෘති යොජනාව 2024.01.03 දිනට ප්‍රථම ලේකම්, නෙළුව ප්‍රාදේශීය සභාව, නෙළුව හෝ [email protected]  අපගේ විද්‍යුත් ලිපිනයට යොමුකරන ලෙස කාරුණිකව දන්වමි.

 

ලේකම්
නෙළුව ප්‍රාදේශීය සභාව
නෙළුව

December 20th, 2023