දූවිලි ඇල්ල

දූවිලි ඇල්ල

නෙළුව සංචාරක කළාපයේ පිහිටා ඇති ප්‍රධානම සංචාරක ස්ථානය වන්නේ දූවිලි ඇල්ලයි, නෙළුව ප්‍රාදේශීය සභාව හා දකුණු පළාත් සභාව මඟින් සංවර්ධනය කර පවත්වාගෙන යන මෙම සංචාරක ස්ථානය දෙස් විදෙස් සංචාරකයන්ගේ අවධානය දිනා ගෙන ඇත. මෙය එක් දිය ඇල්ලක් නොව දිය ඇලි තුනකින් සමන්විත දියඇළි සංකීරණයකි. අඩි 100ක් පමණ උස්වන අතර ඇල්ල පුරා විහිදෙන දියබිඳි නිසා දූවිලි ඇල්ල වශයෙන් ප්‍රසිද්ධියට පත්ව ඇත. ලෝක උරුම සිංහරාජ රක්ෂිතයෙන් ආරම්භවන ඇළමාර්ගයකින් නිර්මාණය වී ඇති නිසා අවුරුද්දේ බොහෝ කාලසීමාවක් මෙම ඇල්ලේ සුන්දරත්වය දැකගත හැක. ඇල්ලේ ඉහළටම ප්‍රවේශවීම සඳහා ආරක්ෂිත වැටද සමඟ පඩිපෙළක් ඉදිකර ඇති නිසා ඔනෑම වයසක අයෙකුට ඇල්ලට ලඟාවිය හැක. මෙම දියඇල්ලට අක්කර 06ක් පමණ රක්ෂිතයක් ඇති නිසා සිංහරාජයට ආවේණීක බොහෝ ශාක හා සතත්වයින් දැකගත හැක. දියඇල්ල පහළ කොටසේ කුඩා ළමුන්ට හා වැඩිහිටි සංචාරකයන්ට දියනෑමට හැකිවන පරිදි නාන පොකුණු දෙකක් ස්භාවික සුන්දරත්වයට බාධාවක් නොවන ලෙස නිර්මාණය කර ඇත. මීට අමතරව සංචාරක

 

December 12th, 2022