දූවිලි ඇල්ල සංචාරක නිකේතනය විවෘත කිරීම

දූවිලි ඇල්ල සංචාරක නිකේතනය විවෘත කිරීම

නෙළුව ප්‍රාදේශීය බලප්‍රදේශයට පැමිනෙන සංචාරකයින් සදහා නවාතැන් පහසුකම් ගැනීම සදහා නෙළුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති එම්.අයි.ජී. සුනිල් මැතිතුමාගේ ඉල්ලීම මත පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංශයේ හා දකුණු පළාත් සභා ප්‍රතිපාදන යටතේ ඉදිකරන ලද සංචාරක නිකේතනය, ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සම්පත් අතුකෝරාල,පළාත් සභා හා පළාත් පාලන ගරු රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මැතිතුමන්ගේ සහභාගීත්වයෙන්  දකුණු පළාත් ආණ්ඩුකර ආචාර්ය විලී ගමගේ මැතිතුමාගේ සුරතින් 2024 ජනවාරි මස 16 වන දින සංචාරකයින් සදහා විවෘත කිරීම සිදුවිය.

ඒ සදහා නෙළුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති එම්.අයි.ජී. සුනිල් මැතිතුමන්  ඇතුළු පූර්වගාමී දේශපාලන නියෝජිතයින් පිරිසකගේ සහභාගීත්වයෙන් හා පළාත් පාලන නියෝජ්‍ය කොමසාරිස් සංදීපනී දම්මුල්ලගේ මහත්මිය, පලාත් පාලන සැලසුම් අධ්‍යක්ෂ  ප්‍රසාද් කොරලගේ මහතා, නෙළුව ප්‍රාදේශීය ලේකම් ආර්.එච්.එස්. ප්‍රියදර්ශන මහතා ඇතුළු විශාල රාජ්‍ය නිලධාරීන්ගේ පිරිසක් ද සහභාගී විය.

January 17th, 2024