“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” තේමාව පෙරදැරි කරගනිමින්, පළාත් පාලන ආයතනවල ආදායම් උත්පාදන ව්යාපෘති සඳහා වන කාර්ය සාධනය මත පදනම් වූ ප්රාග්ධන ප්රදාන ලබාදීමේ ව්යාපෘතිය (2026) යටතේ, රාජ්ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශයේ ප්රතිපාදන මත ඉදිකරන ලද නෙළුව බස් නැවතුම්පොළ අසල නව වෙළඳ සංකීර්ණයේ සමරු ඵලකය නිරාවරණය කිරීමේ සුභ මුහුර්තය අද දින (2026.09.28)… Continue reading නෙළුව බස් නැවතුම්පොළ අසල නව වෙළඳ සංකීර්ණයේ වැඩකටයුතු සුභ මොහොතින් ඇරඹේ.
Category: Uncategorized
පත්තරහේන් කන්ද – පිංකන්දහේන මාර්ගයේ ප්රතිසංස්කරණ කටයුතු සාර්ථකව අවසන්
නෙළුව ප්රාදේශීය සභා බලප්රදේශයට අයත් කොස්වත්ත මන්ත්රී කොට්ඨාසයේ ඇඹලෙගෙදර උතුර ග්රාම නිලධාරී වසම තුළ පිහිටි පත්තරහේන් කන්ද – පිංකන්දහේන මාර්ගයේ ප්රතිසංස්කරණ කටයුතු මේ වන විට සාර්ථකව නිම කර ඇත. නෙළුව ප්රාදේශීය සභාව විසින් ක්රියාත්මක කරන ලද මෙම මාර්ග සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 2ක ප්රතිපාදන මුදලක් වැය කර ඇති අතර මෙමඟින් එම මාර්ගය භාවිත කරන… Continue reading පත්තරහේන් කන්ද – පිංකන්දහේන මාර්ගයේ ප්රතිසංස්කරණ කටයුතු සාර්ථකව අවසන්
“දිවි ඇති තුරු අකුරු මිතුරු” – පළාත් පාලන සතිය වෙනුවෙන් පැවැත්වුණු ‘කතන්දර පැය’ වැඩසටහන
පළාත් පාලන සතියට සමගාමීව සහ තිරසාර සංවර්ධන ඉලක්ක යටතේ ‘ගුණාත්මක අධ්යාපනයක්’ තහවුරු කිරීමේ අරමුණින් නෙළුව ප්රාදේශීය සභාව සහ මහජන පුස්තකාලය එක්ව සංවිධානය කළ විශේෂ ‘කතන්දර පැය’ වැඩසටහන සාර්ථකව පවත්වන ලදී. “දිවි ඇති තුරු අකුරු මිතුරු” තේමාව යටතේ ක්රියාත්මක වූ මෙම වැඩසටහන ගා/ මැදගම ආදර්ශ විද්යාලයේ සහ ගා/ මාවිට ආදර්ශ විද්යාලයේ 4 සහ 5 ශ්රේණිවල සිසු… Continue reading “දිවි ඇති තුරු අකුරු මිතුරු” – පළාත් පාලන සතිය වෙනුවෙන් පැවැත්වුණු ‘කතන්දර පැය’ වැඩසටහන
බටුවංගල හීන්දෙණිය මාර්ගයේ කොන්ක්රීට් කිරීමේ කටයුතු සාර්ථකව අවසන් කෙරේ
නෙළුව ප්රාදේශීය සභා බලප්රදේශයට අයත් බටුවංගල මන්ත්රී කොට්ඨාසයේ, මද්දෙගම නැගෙනහිර ග්රාම නිලධාරී වසමේ පිහිටි හීන්දෙණිය මාර්ගය කොන්ක්රීට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු පසුගිය දිනවල සාර්ථකව සිදුකෙරුණි. දකුණු පළාත් නඩත්තු සංවර්ධන සැලැස්ම යටතේ වෙන්කරන ලද රුපියල් ලක්ෂ 9.7 ක ප්රතිපාදන පිරිවැයෙන් මෙම ව්යාපෘතිය ක්රියාත්මක වූ අතර, මේ හරහා ප්රදේශයේ ජනතාවගේ ගමනාගමන පහසුකම් වඩාත් විධිමත් කිරීමට හැකිවිය.
පළාත් පාලන සතිය නිමිත්තෙන් නෙළුව ප්රාදේශීය සභාව සහ MOH කාර්යාලය එක්ව සංවිධානය කල ‘සුවනාරී සායනය’
පළාත් පාලන සතිය – 2026 ට සමගාමීව, නෙළුව ප්රාදේශීය සභාව සහ නෙළුව සෞඛ්ය වෛද්ය නිලධාරී (MOH) කාර්යාලය එක්ව සංවිධානය කරන ලද විශේෂ ‘සුවනාරී සායනය’ අද දින (2026.09.17) දෙල්ලව සායන මධ්යස්ථානයේදී සාර්ථක ලෙස පවත්වන ලදී. නෙළුව ප්රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා, ප්රාදේශීය සභා කාර්ය මණ්ඩලය සහ සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලයේ සෞඛ්ය කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් පැවැති මෙම සායනය… Continue reading පළාත් පාලන සතිය නිමිත්තෙන් නෙළුව ප්රාදේශීය සභාව සහ MOH කාර්යාලය එක්ව සංවිධානය කල ‘සුවනාරී සායනය’
පළාත් පාලන සතිය වෙනුවෙන් යොවුන් සේනාංක සිසුන් උදෙසා විශේෂ ප්රජා සෞඛ්ය දැනුවත් කිරීමේ දේශනයක්.
“පුනරුදයේ පුරවර” පළාත් පාලන සතියට සමගාමීව, ඇඹලේගෙදර යොවුන් සේනාංක පුහුණු මධ්යස්ථානයේ සිසු සිසුවියන් උදෙසා විශේෂ ප්රජා සෞඛ්ය, සංක්රාමික රෝග මැඩලීම සහ ලිංගික අධ්යාපනය පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් අද දින (2026.09.17) පැවැත්වුණි. ආයුර්වේද ප්රජා වෛද්ය නිලධාරී එම්. එම්. මාරසිංහ මහතා විසින් මෙහෙයවන ලද මෙම වැඩසටහන හරහා, යොවුන් වියේ පසුවන සිසුන්ට ප්රජා සෞඛ්ය සුරක්ෂිතතාවය පිළිබඳව වටිනා අවබෝධයක්… Continue reading පළාත් පාලන සතිය වෙනුවෙන් යොවුන් සේනාංක සිසුන් උදෙසා විශේෂ ප්රජා සෞඛ්ය දැනුවත් කිරීමේ දේශනයක්.
පළාත් පාලන සතිය වෙනුවෙන් නෙළුව ප්රාදේශීය සභාවෙන් ආයුර්වේද වෛද්ය සායනයක්.
පළාත් පාලන සතිය – 2026 ට සමගාමීව, නෙළුව ප්රාදේශීය සභාව විසින් සංවිධානය කරන ලද විශේෂ ආයුර්වේද වෛද්ය සායනය අද දින ඇඹලේගෙදර යොවුන් සේනාංක මධ්යස්ථානයේදී සාර්ථකව පැවැත්වුණි. නෙළුව ප්රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා, ගරු මන්ත්රීවරුන් ඇතුළු මහජන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් සහ ප්රාදේශීය සභා කාර්ය මණ්ඩලයේ සංවිධානයෙන් පැවැති මෙම සායනය සඳහා අවට ප්රදේශයේ ජනතාව පැමිණ නොමිලේ වෛද්ය පරීක්ෂණ සිදුකර… Continue reading පළාත් පාලන සතිය වෙනුවෙන් නෙළුව ප්රාදේශීය සභාවෙන් ආයුර්වේද වෛද්ය සායනයක්.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අන්තර් කොට්ඨාස වොලිබෝල් තරගාවලිය කල් දැමේ.
පළාත් පාලන සතියට සමගාමීව 2026.09.18 දින පැවැත්වීමට සුදානම් කල අන්තර් කොට්ඨාස වොලිබෝල් තරගාවලිය පවතින අයහපත් කාලගුණික තත්වය නිසා කල් දැමීමට සිදුවන බව කාරුණිකව දන්වමි. ඉදිරියේදී එම තරගාවලිය පැවැත් වෙන දිනය දැනුම් දෙමි. සභාපති නෙළුව ප්රාදේශීය සභාව
“පුනරුදයේ පුරවර 2026” පළාත් පාලන සතිය නිමිත්තෙන් නෙළුව ප්රාදේශීය සභාවෙන් රුක් රෝපණ වැඩසටහනක්!
“පුනරුදයේ පුරවර 2026” පළාත් පාලන සතියට සමගාමීව පැවැත්වෙන “පරිසර සහ රුක් රෝපණ දිනය” නිමිත්තෙන් සංවිධානය කරන ලද රුක් රෝපණ වැඩසටහන, අද දින (2026.09.16) නෙළුව මහජන ක්රීඩාංගණය පරිශ්රයේදී සාර්ථකව පැවැත්වුණි. නෙළුව ප්රාදේශීය සභාවේ ගරු සභාපති ආර්. ජී. අජිත් චන්දන මැතිතුමාගේ හා ලේකම්තුමාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණු මෙම අවස්ථාව සඳහා ගරු ප්රාදේශීය සභා මන්ත්රීවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.… Continue reading “පුනරුදයේ පුරවර 2026” පළාත් පාලන සතිය නිමිත්තෙන් නෙළුව ප්රාදේශීය සභාවෙන් රුක් රෝපණ වැඩසටහනක්!
