සුමධුර වෙසක් ධර්ම දේශනාව

සුමධුර වෙසක් ධර්ම දේශනාව

මනෝවිද්යාත්මක දෘෂ්ටි කෝණයකින් අටපට්ටම් වෙසක් කූඩුවේ අරුත විග්රහ කෙරේ.
නෙළුව ප්රාදේශීය සභාව විසින් සංවිධානය කරන ලද “සුමධුර වෙසක් ධර්ම දේශනාව” අද (2026.06.01) දින පෙ.ව. 10.00 ට නෙළුව ප්රාදේශීය සභා ශ්රවණාගාරයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

මෙම ධර්ම දේශනාව පවත්වන ලද්දේ මනෝවිද්යා උපදේශක, ගෞරව ශාස්ත්රවේදී  කුකුල්කන්දේ සංඝරතන ස්වාමීන් වහන්සේ විසිනි. උන්වහන්සේ දේශනයේදී අටපට්ටම් වෙසක් කූඩුව තුළින් සංකේතවත් වන ගැඹුරු අර්ථය, මිනිස් ජීවිතයේ යහ පැවැත්ම හා සබැඳෙන ආකාරය පිළිබඳව ඉතා පැහැදිලි ලෙස ගෙනහැර දැක්වූහ.

අටපට්ටම් වෙසක් කූඩුවේ ඇති අලංකාරය මෙන්ම එහි ව්යුහාත්මක සැකැස්ම ඔස්සේ, සංකීර්ණ වූ මිනිස් සිත සහ ජීවිතය මනෝවිද්යාත්මකව විග්රහ කරමින් උන්වහන්සේ සිදු කළ දේශනය බොහෝ දෙනාගේ පැසසුමට ලක්විය. ආධ්යාත්මික සුවය සහ ජීවිතයට නව අරුතක් එක් කරගන්නා ආකාරය පිළිබඳව ද මෙහිදී විශේෂ අවධාරණයක් කෙරිණි.

June 1st, 2026