පළාත් පාලන සතියට සමගාමීව නෙළුව ප්‍රාදේශීය සභාවේ සංවිධානයෙන් සහ සෙසු රාජ්‍ය ආයතනවල සහභාගිත්වයෙන් සිදු කරනු ලබන විශේෂ ජංගම සේවා වැඩසටහන 2026
දිනය: 2026.09.14 (සඳුදා)
වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා
ස්ථානය: දෙල්ලව ශ්‍රී නාථරාම විහාරස්ථානය
📋 එදින ලබාගත හැකි සේවාවන්:
🔹 ඉඩම් අයිතිය, පසු අයිතිය සහ බලපත්‍ර ඉල්ලුම් කිරීම / ඉඩම් ගැටළු විසඳීම
🔹 ජාතික හැඳුනුම්පත් සේවා
🔹 ලියාපදිංචි නොවූ පුද්ගලයින්ගේ සහ උපත්, විවාහ ලියාපදිංචි කිරීම් /නම් සංශෝධන
🔹 ව්‍යාපාර නාම ලියාපදිංචිය
🔹 පරිසර බලපත්‍ර, වීථි රේඛා සහ අනුබෙදුම් සහතික ලබාගැනීම
🔹 පොලිස් නිෂ්කාශන වාර්තා
🔹 රජයේ 50% දායකත්වයෙන් බර වාහන යන්ත්‍රෝපකරණ පුහුණුව සඳහා අයදුම් කිරීම
🔹 ප්‍රාදේශීය සභා විෂය පථයට අයත් මහජන පැමිණිලි හා අනතුරුදායක ගස් සම්බන්ධ ගැටළු විසඳීම
🏡 අදාළ ග්‍රාම නිලධාරී වසම්:
1. දේවාලෙගම නැගෙනහිර
2. දේවාලෙගම බටහිර
3. මියනවතුර
4. දෙල්ලව
5. පහළ මිල්ලව
6. ඉහළ මිල්ලව
7. බටහිර මිල්ලව
8. පන්නිමුල්ල
9. පනාගොඩ
10. හප්පිටිය
🤝 සියලුම රාජ්‍ය ආයතන එකම වහලක් යටට පැමිණෙන බැවින්, ඔබේ විවිධ රාජ්‍ය සේවාවන් එකම දිනකදී පහසුවෙන් කරවා ගැනීමට මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න!
අදාළ ලියකියවිලි (හැඳුනුම්පත්, ඉඩම් පත්‍ර ආදී ද) සමඟ පැමිණෙන්න.

