කලක් තිස්සේ නිසි පරිදි පිළිසකර නොවී පැවති නෙළුව ළමා උද්‍යානය නැවත ප්‍රතිසංස්කරණය කර දූ දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා කඩිනමින් ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ විය.
මෙහිදී ප්‍රධාන වශයෙන්:
ළමා උද්‍යාන පරිශ්‍රයේ තණකොළ කපා පිරිසිදු කිරීම.
වතුර පිරී තිබූ ස්ථාන මට්ටම් කර වැලි යොදා සකස් කිරීම.
උද්‍යානයේ අවශ්‍යව තිබූ අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු සිදු කිරීම.
නෙළුව නගරය සහ අවට පරිශ්‍රය පිරිසිදු කර අලංකාර කිරීම.
(මේ හා සමගාමීව ළමා උද්‍යානය අසල ප්‍රධාන මාර්ගය, මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් පුළුල් කර ප්‍රතිසංස්කරණය කිරීම ද සිදු කෙරිණි.)
මෙම අවස්ථාව සඳහා නෙළුව ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා, උපසභාපතිතුමා, ගරු මන්ත්‍රීවරුන් වන කීර්තිරත්න ගමගේ, යසන්ත ලලිත්, නන්දසිරි ගුණතුංග, කනිෂ්ක එදිරිසිංහ, ජනිතා කුමාරි යන මහත්ම මහත්මීන් ද, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලක්ෂ්මන් ගුණවර්ධන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, කාර්ය මණ්ඩලයේ සේවක මහත්ම මහත්මීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්වූහ.
”අත්තම” ශ්‍රමදාන සංකල්පයට අනුව යමින්, සුන්දර හා සුවපහසු නෙළුවක් නිර්මාණය කිරීම වෙනුවෙන් දෑත් එක් කළ සියලු දෙනාට අපගේ හෘදයාංගම ස්තූතිය!







