බටුවංගල හීන්දෙණිය මාර්ගයේ කොන්ක්‍රීට් කිරීමේ කටයුතු සාර්ථකව අවසන් කෙරේ

බටුවංගල හීන්දෙණිය මාර්ගයේ කොන්ක්‍රීට් කිරීමේ කටයුතු සාර්ථකව අවසන් කෙරේ

නෙළුව ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් බටුවංගල මන්ත්‍රී කොට්ඨාසයේ, මද්දෙගම නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ පිහිටි හීන්දෙණිය මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු පසුගිය දිනවල සාර්ථකව සිදුකෙරුණි.

දකුණු පළාත් නඩත්තු සංවර්ධන සැලැස්ම යටතේ වෙන්කරන ලද රුපියල් ලක්ෂ 9.7 ක ප්‍රතිපාදන පිරිවැයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූ අතර, මේ හරහා ප්‍රදේශයේ ජනතාවගේ ගමනාගමන පහසුකම් වඩාත් විධිමත් කිරීමට හැකිවිය.

September 18th, 2026