නගර පවිත්‍රතා වැඩසටහන

නගර පවිත්‍රතා වැඩසටහන

නෙළුව ප්‍රාදේශීය සභාවේ අභිනව ගරු සභාපතිතුමන්ගේ සංකල්පයකට අනුව මේ දිනවල ව්‍යාප්ත වන ඩෙංගු රෝගය පාලනය සදහාත් නගරයේ පවිත්‍රතාවය ගුණාත්මක මට්ටමින් පවත්වාගෙන යාම අරමුණුකොටගෙන බල ප්‍රදේශයේ රාජ්‍ය ආයතන හා සම්න්ධවෙමින් ශ්‍රම සභභාගීත්වය ඇතිව නෙළුව නගරය පිරිසිදු කිරීමේ සහ දැනුවත්කිරීමේ වැඩසටහනක් පිරිසිදු නගරයක් – පිරිසිදු ගමක් යන තේමාව පෙරදැරිව 2025 ජූලි මස 01 වන දින නෙළුව නගරය මූලික කරගනිමින් පැවැත්වීමට කටයුතු සංවිධානයකර ඇත.

නෙළුව බල ප්‍රදේශයේම ජනතාව විවිධ කාරණා සදහා නෙළුව නගරයට පැමිනෙණ බැවින් නෙළුව නගරයේ ඇති පවිත්‍රතාවයේ වැදගත්ම මත මෙම වැඩසටහන සංවිධානයකර ඇත. බල ප්‍රදේශයේ විශාල ළමුන් ප්‍රමානයක් පාලසල් යාම සදහා මෙන්ම උපකාරක පංති සදහා සහභාගීවීමට නෙළුව නගරයට පැමිනීම සිදුවේ. ඊට අමතරව නෙළුව නගරයේ පැවැත්වෙන සෙනසුරාදා සති පොළ සදහා බල ප්‍රදේශයෙන් මෙන්ම බල ප්‍රදේහයෙන් පිටත ජනතාවද පැමණෙයි. මේ දිනවල පවතින වර්ෂාපතනයත් සමග ලංකාව පුරා ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක ගාල්ල දිස්ත්‍රික්කයේද ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙමින් පවතී.

මෙවන් පසුබිමක අප ආයතනය වෙත පැවැරී ඇති වගකීම පෙරදැරිව අනෙකුත් රාජ්‍ය ආයතනද සම්බන්ධකරගනිමින් මහජන ශ්‍රම සහභාගීත්වය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බැවින් මේ සදහා සම්බන්ධ වන ලෙස බලප්‍රදේශයේ ජනතාව වෙත ගරු සභාපිති තුමන් විසින් ආරධනා කරනු ලබයි.

June 27th, 2025