නෙළුව කොස්මුල්ල සමඟි මාවත ඕවිට පාලම ඉදිකිරීම් කටයුතු ඇරඹේ!

නෙළුව කොස්මුල්ල සමඟි මාවත ඕවිට පාලම ඉදිකිරීම් කටයුතු ඇරඹේ!

“ඉවුරු යා කරන – ජීවිත ගොඩනගන ග්‍රාමීය පාලම් 800” ඉදිකිරීමේ සිව් අවුරුදු ව්‍යාපෘතිය යටතේ, නෙළුව කොස්මුල්ල සමඟි මාවත ඕවිට පාලම ඉදිකිරීමේ කටයුතු ඊයේ දින(2026.07.14) සාර්ථකව ආරම්භ කරන ලදි. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත, පළාත් පාලන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ නෙළුව ප්‍රාදේශීය සභාව විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න යූ. ගමගේ මැතිතුමා, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. කේ. ජයසුන්දර මැතිතුමා, නෙළුව ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා, උප සභාපතිතුමා සහ මන්ත්‍රීවරුන් මෙන්ම තවලම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිතුමා ඇතුළු මහජන නියෝජිතයින් රැසක් සහභාගි වූහ.

එමෙන්ම දකුණු පළාත් පාලන කොමසාරිස්තුමා, පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ක්‍රමසම්පාදන අධ්‍යක්ෂකතුමා, නෙළුව ප්‍රාදේශීය සභාවේ හා නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් මෙන්ම අවට ප්‍රදේශවාසීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

July 15th, 2026