නෙළුව ප්‍රාදේශීය සභාවෙන් සංවිධානය කළ ඒකාබද්ධ ඩෙංගු මර්ධන වැඩසටහන සාර්ථකව පවත්වයි

නෙළුව ප්‍රාදේශීය සභාවෙන් සංවිධානය කළ ඒකාබද්ධ ඩෙංගු මර්ධන වැඩසටහන සාර්ථකව පවත්වයි

ජූනි මස 05 වන දිනට යෙදී තිබුණු ලෝක පරිසර දිනය නිමිත්තෙන්, ප්‍රදේශයේ පරිසර සුරක්ෂිතතාවය ඉහළ නැංවීම සහ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම අරමුණු කරගනිමින් නෙළුව ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන ලද විශේෂ ඒකාබද්ධ පරිසර සාධන වැඩසටහනක් 2026.06.05 දින සාර්ථකව පවත්වන ලදී.

නෙළුව ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමාගේ සහ ලේකම්තුමාගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ මෙම සත්කාර්යය සඳහා නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාලය, නෙළුව පොලිස්ථානය සහ නෙළුව යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ තරුණ තරුණියන් ද සිය පූර්ණ සහයෝගය ලබා දෙන ලදී.

මෙහිදී ප්‍රධාන වැඩසටහන් ත්‍රිත්වයක් ක්‍රියාත්මක වූ අතර, පරිශ්‍රයන් පිරිසිදු කිරීමේ ඩෙංගු මර්ධන ශ්‍රමදානය, ප්‍රදේශයේ කසළ කළමනාකරණය විධිමත් කිරීම වෙනුවෙන් පැවැත්වූ “කසළ පොළ” වැඩසටහන සහ ප්‍රධාන මාර්ග දෙපස දිරාපත් නොවන පොලිතින් හා ප්ලාස්ටික් ද්‍රව්‍ය එකතු කර ඉවත් කිරීමේ විශේෂ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් ද ඊට ඇතුළත් විය.

ප්‍රදේශයේ රාජ්‍ය ආයතන සහ තරුණ ප්‍රජාව ඒකාබද්ධව සිදුකරන ලද මෙම සාර්ථක ප්‍රයත්නය, නෙළුව බලප්‍රදේශය පිරිසිදු හා සෞඛ්‍යසම්පන්න කලාපයක් ලෙස පවත්වාගෙන යාමට මහත් රුකුලක් වූ අතර, මීට දායකත්වය දැක්වූ සියලුම ආයතනවල නිලධාරීන් වෙත නෙළුව ප්‍රාදේශීය සභාවේ ප්‍රණාමය හිමිවේ.

  

June 7th, 2026