නෙළුව ප්‍රාදේශීය සභාවේ පරිසර නිලධාරීට මැර ප්‍රහාරයක්

නෙළුව ප්‍රාදේශීය සභාවේ පරිසර නිලධාරීට මැර ප්‍රහාරයක්

නෙලුව ප්‍රාදේශීය සභාවේ පරිසර විෂය නිලධාරී 2025.07.11 දින රාජකාරී කටයුතු අවසන් වී තම දරුවා සමග යතුරුපැදියෙන් නිවස බලා යන අතරතුරදී ත්‍රී රෝද රතයකින් සහ යතුරුපැදියෙන් පැමිණි මැර පිරිසක් වයස අවු. 3.5 ක දරුවා ඉදිපිටදීම නිලධාරී මහතාට අමානුෂික අන්දමින් පහරදී ඇත. පහරදීමෙන් හිසට තුවාල සිදුව අති අතර නෙලුව මැදගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා උඩුගම රෝහල වෙත ගිලන් රතය මගින් පිටත් කෙරිනි.
මෙසේ පහරදීමට හේතුව වී ඇත්තේ අනතුරුදායක ගසක් කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් නෙලුව ප්‍රාදේශීය සභාව විසින් පැවරූ නඩුවක් සම්බන්ධයෙනි.

මෙලෙස රාජකාරී කටයුතුතක් සම්බන්ධයෙන් එල්ලකල අමානුෂික ප්‍රහාරය හෙළාදකිමින් 2025.07.14 වන සදුදා දින නෙළුව ප්‍රාදේශීය සභාවේ සේවයින් ක්ෂේත්‍ර රාජකාරී කටයුතුවලින් බැහැරව සිටි අතර සෙසු රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේද සහභාගීත්වයෙන් එදින දහවල් 12 නෙළුව ප්‍රධාන බස් නැවතුම්පල ඉදිරිපිටදී නිහඩ විරෝධතාවයක් දක්වන ලදී.

1
2
3
4
5

July 23rd, 2025