නෙළුව ප්‍රාදේශීය සභා ආදාහනාගාරයේ මෙහෙයුම් කටයුතු අද (2024.09.02) දින සිට ආරම්භ කෙරේ.

නෙළුව ප්‍රාදේශීය සභා ආදාහනාගාරයේ මෙහෙයුම් කටයුතු අද (2024.09.02) දින සිට ආරම්භ කෙරේ.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ප්‍රතිපාදන මත ඉදිකරන ලද නෙළුව ප්‍රාදේශීය සභා ආදාහනාගාරය අද (2024.09.02) දින චාරිත්‍රානුකූලව ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලදී.

නෙළුව බල ප්‍රදේශයද නාගාරීකරණය වීමත් සමග භූම්දාන කටයුතු සදහා ඉඩකඩ සීමාවීම මත  නෙළුව බල ප්‍රදේශ වාසීන්ට ආදාහනාගාරයක අවශ්‍යතාවයක්ව පැවැතුනි.  මෙහෙත් ඒ සදහා තවලම හා කොටපොළ ආදාහනාගාර වෙතින්ආ සේවා ලබාගැනීමට සිදුවිය. එමනිසා නෙළුව බලප්‍රදේශවාසීන්ට ආදාහනාගාරයක අවශ්‍යතාව හදුනාගෙන  2021 වර්ෂයේ ආදාහනාගාරයක් ඉදිකිරීමේ කටයුතු  ආරම්භ කරන ලදී. පැවති කොරෝනා වසන්ගතය සමග ඉදිකිරීම් නවතා දැමුවද පසුව යලිත් ඉදිකිරීම් ආරම්භ කල අතර අද දින සිට මෙහෙයුම් කටයුතු සදහා අවශ්‍ය කටයුතු සූදානම්කර ඇත.

එහි ආදාහන කටයුතු පස්වරු 2.00, පස්වරු 4.00 හා පස්වරු 6.00 වශයෙන් කාල වලදී සිදුකරීමට වේලාවන් වෙන්කරවාගත හැකිය. ඒ සදහා පහත දුරකතන අංක මගින් හෝ ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයට පැමිණීම මගින් සිදුකල හැකිය.

අයකරනු ලබන ගාස්තු පහත පරිදි වේ.
නෙළුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල දේහයක් ආදාහනය සඳහා          රු 10,000.00
නෙළුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් බැහැර දේහයක් ආදාහනය සඳහා රු 12,000.00

091 22 85 373 – කාර්යාලය
076 800 91 91 – ජයරත්න මහතා 

September 2nd, 2024