“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” තේමාව පෙරදැරි කරගනිමින්, පළාත් පාලන ආයතනවල ආදායම් උත්පාදන ව්‍යාපෘති සඳහා වන කාර්ය සාධනය මත පදනම් වූ ප්‍රාග්ධන ප්‍රදාන ලබාදීමේ ව්‍යාපෘතිය (2026) යටතේ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත ඉදිකරන ලද නෙළුව බස් නැවතුම්පොළ අසල නව වෙළඳ සංකීර්ණයේ සමරු ඵලකය නිරාවරණය කිරීමේ සුභ මුහුර්තය අද දින (2026.09.28) මහා සංඝරත්නයේ උතුම් ආශීර්වාද මැද සාර්ථකව සිදු කරන ලදී.
නෙළුව ප්‍රාදේශීය සභාවේ පූර්ණ අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් නෙළුව නගරයේ වෙළඳ හා ආර්ථික කටයුතු වඩාත් විධිමත්, කාර්යක්ෂම සහ සක්‍රීය මට්ටමකට ගෙන ඒම අපගේ ප්‍රධාන අරමුණයි.
මෙම අභිමානවත් අවස්ථාව සඳහා,
-
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. කේ. ජයසුන්දර මැතිතුමා
-
නෙළුව ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ආර්.ජී. අජිත් චන්දන මැතිතුමා
-
ගරු උප සභාපති තිලක් කුමාර මැතිතුමා
-
ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන:
-
කීර්ති ගමගේ මැතිතුමා
-
කනිෂ්ක එදිරිසිංහ මැතිතුමා
-
චෙමිකා රණතුංග මැතිතුමිය
-
යසන්ත ලලිත් මැතිතුමා
-
ටී. වී. විමලධර්ම මැතිතුමා
-
තිලක් සේනානායක මැතිතුමා
-
අමිත් එදිරිසිංහ මැතිතුමා
-
ජනිතා කුමාරි මැතිතුමිය
-
බී. එල්. ප්‍රියන්ත මැතිතුමා
-
හිටපු සභාපති එම්. අයි. ජී. සුනිල් මැතිතුමා
-
තවලම ප්‍රාදේශීය සභාවේ උප සභාපති ගාමිණී කරුණාරත්න මහතා
-
නෙළුව ප්‍රාදේශීය සභා ලේකම්තුමා
-
ප්‍රාදේශීය ලේකම්තුමා
-
පොලිස් ස්ථානාධිපතිතුමා
ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් සහභාගී වූහ.
නෙළුව ජනතාවගේ යටිතල පහසුකම් නැංවීම සහ අනාගත නගර සංවර්ධනය වෙනුවෙන් අප තබන මෙම පියවර සාර්ථක කරගැනීමට සහයෝගය දැක්වූ සියලු දෙනාටම අපගේ හදපිරි ගෞරවනීය ස්තූතිය පිරිනමමු!