පත්තරහේන් කන්ද – පිංකන්දහේන මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව අවසන්

පත්තරහේන් කන්ද – පිංකන්දහේන මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව අවසන්

නෙළුව ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් කොස්වත්ත මන්ත්‍රී කොට්ඨාසයේ ඇඹලෙගෙදර උතුර ග්‍රාම නිලධාරී වසම තුළ පිහිටි පත්තරහේන් කන්ද – පිංකන්දහේන මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සාර්ථකව නිම කර ඇත.

නෙළුව ප්‍රාදේශීය සභාව විසින් ක්‍රියාත්මක කරන ලද මෙම මාර්ග සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 2ක  ප්‍රතිපාදන මුදලක් වැය කර ඇති අතර මෙමඟින් එම මාර්ගය භාවිත කරන ප්‍රදේශවාසීන්ගේ දෛනික ගමනාගමන කටයුතු සහ ප්‍රවාහන පහසුකම් වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂමව සිදු කරගැනීමට අවස්ථාව සැලසී තිබේ.

September 21st, 2026