“පුනරුදයේ පුරවර 2026” පළාත් පාලන සතියට සමගාමීව පැවැත්වෙන “පරිසර සහ රුක් රෝපණ දිනය” නිමිත්තෙන් සංවිධානය කරන ලද රුක් රෝපණ වැඩසටහන, අද දින (2026.09.16) නෙළුව මහජන ක්‍රීඩාංගණය පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වුණි.
නෙළුව ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ආර්. ජී. අජිත් චන්දන මැතිතුමාගේ හා ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම අවස්ථාව සඳහා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.
අනාගත පරපුර උදෙසා හරිතවත් පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ මෙම ප්‍රජා මූලික සේවාව සඳහා දායක වූ සැමට අපගේ ප්‍රණාමය හිමිවේ.








