පළාත් පාලන සතියට සමගාමීව සහ තිරසාර සංවර්ධන ඉලක්ක යටතේ ‘ගුණාත්මක අධ්‍යාපනයක්’ තහවුරු කිරීමේ අරමුණින් නෙළුව ප්‍රාදේශීය සභාව සහ මහජන පුස්තකාලය එක්ව සංවිධානය කළ විශේෂ ‘කතන්දර පැය’ වැඩසටහන සාර්ථකව පවත්වන ලදී.
“දිවි ඇති තුරු අකුරු මිතුරු” තේමාව යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන ගා/ මැදගම ආදර්ශ විද්‍යාලයේ සහ ගා/ මාවිට ආදර්ශ විද්‍යාලයේ 4 සහ 5 ශ්‍රේණිවල සිසු සිසුවියන් කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි. දරුවන් තුළ කියවීමේ රුචිය, පරිකල්පන ශක්තිය සහ නිර්මාණශීලීත්වය වර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.
දෙල්ලව මහා විද්‍යාලයේ ආචාර්ය ශාන් මදුරංග මහතා විසින් සම්පත්දායකත්වය ලබාදෙමින්, කුඩා දරුවන්ගේ සිත් ඇදගන්නා අයුරින් කතන්දර ඉදිරිපත් කළ අතර දරුවන්ගෙන් ලැබුණු ඉහළ ප්‍රතිචාරය මධ්‍යයේ සාර්ථක වූ මෙම වැඩසටහන සඳහා සහයෝගය දැක්වූ විදුහල්පතිවරුන්ට, ආචාර්ය මණ්ඩලයට සහ සම්පත්දායකතුමාට නෙළුව ප්‍රාදේශීය සභාවේ ස්තූතිය හිමිවේ.


