පළාත් පාලන සතිය – 2026 ට සමගාමීව, නෙළුව ප්‍රාදේශීය සභාව සහ නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාලය එක්ව සංවිධානය කරන ලද විශේෂ ‘සුවනාරී සායනය’ අද දින (2026.09.17) දෙල්ලව සායන මධ්‍යස්ථානයේදී සාර්ථක ලෙස පවත්වන ලදී.
නෙළුව ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා, ප්‍රාදේශීය සභා කාර්ය මණ්ඩලය සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් පැවැති මෙම සායනය සඳහා ප්‍රදේශයේ කාන්තාවන් විශාල පිරිසක් සහභාගී වී වෛද්‍ය පරීක්ෂණ හා සෞඛ්‍ය සේවාවන් ලබාගන්නා ලදී.
මෙම සත්කාරක වැඩසටහන සාර්ථක කරගැනීමට සහයෝගය දැක්වූ සියලුම නිලධාරීන්ට සහ ප්‍රජාවට නෙළුව ප්‍රාදේශීය සභාවේ ප්‍රණාමය හිමිවේ.




