පළාත් පාලන සතිය වෙනුවෙන් නෙළුව ප්‍රාදේශීය සභාවෙන් ආයුර්වේද වෛද්‍ය සායනයක්.

පළාත් පාලන සතිය වෙනුවෙන් නෙළුව ප්‍රාදේශීය සභාවෙන් ආයුර්වේද වෛද්‍ය සායනයක්.

පළාත් පාලන සතිය – 2026 ට සමගාමීව, නෙළුව ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන ලද විශේෂ ආයුර්වේද වෛද්‍ය සායනය අද දින ඇඹලේගෙදර යොවුන් සේනාංක මධ්‍යස්ථානයේදී සාර්ථකව පැවැත්වුණි.
නෙළුව ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා, ගරු මන්ත්‍රීවරුන් ඇතුළු මහජන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් සහ ප්‍රාදේශීය සභා කාර්ය මණ්ඩලයේ සංවිධානයෙන් පැවැති මෙම සායනය සඳහා අවට ප්‍රදේශයේ ජනතාව පැමිණ  නොමිලේ වෛද්‍ය පරීක්ෂණ සිදුකර ගනිමින් ඖෂධ ලබාගන්නා ලදී.

  

September 17th, 2026