“පළාත් පාලන සතිය 2026” හෙටින් ආරම්භ වේ: පළමු දිනයේ විශේෂ ජංගම සේවා වැඩසටහන දෙල්ලවදී!

“පළාත් පාලන සතිය 2026” හෙටින් ආරම්භ වේ: පළමු දිනයේ විශේෂ ජංගම සේවා වැඩසටහන දෙල්ලවදී!

පළාත් පාලන සතියට සමගාමීව නෙළුව ප්‍රාදේශීය සභාවේ සංවිධානයෙන් සහ සෙසු රාජ්‍ය ආයතනවල සහභාගිත්වයෙන් සිදු කරනු ලබන විශේෂ ජංගම සේවා වැඩසටහන 2026

දිනය: 2026.09.14 (සඳුදා)
වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා
ස්ථානය: දෙල්ලව ශ්‍රී නාථරාම විහාරස්ථානය

📋 එදින ලබාගත හැකි සේවාවන්:
🔹 ඉඩම් අයිතිය, පසු අයිතිය සහ බලපත්‍ර ඉල්ලුම් කිරීම / ඉඩම් ගැටළු විසඳීම
🔹 ජාතික හැඳුනුම්පත් සේවා
🔹 ලියාපදිංචි නොවූ පුද්ගලයින්ගේ සහ උපත්, විවාහ ලියාපදිංචි කිරීම් /නම් සංශෝධන
🔹 ව්‍යාපාර නාම ලියාපදිංචිය
🔹 පරිසර බලපත්‍ර, වීථි රේඛා සහ අනුබෙදුම් සහතික ලබාගැනීම
🔹 පොලිස් නිෂ්කාශන වාර්තා
🔹 රජයේ 50% දායකත්වයෙන් බර වාහන යන්ත්‍රෝපකරණ පුහුණුව සඳහා අයදුම් කිරීම
🔹 ප්‍රාදේශීය සභා විෂය පථයට අයත් මහජන පැමිණිලි හා අනතුරුදායක ගස් සම්බන්ධ ගැටළු විසඳීම

🏡 අදාළ ග්‍රාම නිලධාරී වසම්:
1. දේවාලෙගම නැගෙනහිර
2. දේවාලෙගම බටහිර
3. මියනවතුර
4. දෙල්ලව
5. පහළ මිල්ලව
6. ඉහළ මිල්ලව
7. බටහිර මිල්ලව
8. පන්නිමුල්ල
9. පනාගොඩ
10. හප්පිටිය

🤝 සියලුම රාජ්‍ය ආයතන එකම වහලක් යටට පැමිණෙන බැවින්, ඔබේ විවිධ රාජ්‍ය සේවාවන් එකම දිනකදී පහසුවෙන් කරවා ගැනීමට මෙම අවස්ථාවෙන්  ප්‍රයෝජන ගන්න!
අදාළ ලියකියවිලි (හැඳුනුම්පත්, ඉඩම් පත්‍ර ආදී ද) සමඟ පැමිණෙන්න.

September 13th, 2026