දුවිලි ඇල්ල සංචාරක පරිශ්‍රය පවිත්‍ර කිරීම

කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයිනගේ (ලියෝ සමාජය) සහභාගීත්වයෙන් 2022.12.23 දින දුවිලි ඇල්ල සංචාරක පරිශ්‍රයේ පොලිතීන් හහා ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ශ්‍රම දායකත්ව වැඩසටහනක් පැවැත්විනි.

නෙළුව අදාහනාගරය සහ සංචාරක බංගලා ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම

බල ප්‍රදේශයට අත්‍යවශ්‍ය ආදාහනාගරය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම 2022 දින දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර වීලි ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදි.

දූවිලි ඇල්ල සංචාරක පරිශ්‍රයේ නව වෙළඳසැල් විවෘත කිරීම

දකුණුපළාත් ගරු ආණ්ඩුකාරවර වීලී ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නෙළුව දූවිලි ඇල්ල සංචාරක පරිශ්‍රයේ ඉදිකරන ලද නව වෙළඳ කුටි ජනතා අයිතියට පත් කරන ලදි.මේ සඳහා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හා ගාල්ල දිස්ත්‍රික සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති, පා.ම. සම්පත් අතුකෝරාල මැතිතුමා, නෙළුව ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන් ඇතුළු මන්ත්‍රිතුමන්ලා සහභාගී විය.

නෙළුව ළමා උද්‍යානයේ පැල රෝපණය

නෙළුව ළමා උද්‍යානයේ රුක් රෝපණ වැඩසටහනක් නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තරුණ කටයුතු නිලධාරී මහතාගේ සම්බන්ධීකරණයෙන් 2023.02.07 දින ළමා උද්‍යාන පරිශ්‍රයේදී සිදුකරන ලිදි.

පරිසර වැඩසටහන

නෙළුව සංචාරකක කළාපයේ පිහිටා ඇති දෙල්ලව ඇඳවල සංචාරක ස්ථානයේ පරිසර වැඩසටහනක් 2023.02.13 දින සිදු කරන ලදි. ඒ අනුව එම පරිශ්‍රයේ පැවති පොලිතීන් හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත් කිරීම සිදු කරන ලද අතර මේ සඳහා ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමන් ඇතුළු කාර්යය මණ්ඩලය සහභාගී විය.