දූවිලි ඇල්ල සංචාරක පරිශ්‍රයේ නව වෙළඳසැල් විවෘත කිරීම

දකුණුපළාත් ගරු ආණ්ඩුකාරවර වීලී ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නෙළුව දූවිලි ඇල්ල සංචාරක පරිශ්‍රයේ ඉදිකරන ලද නව වෙළඳ කුටි ජනතා අයිතියට පත් කරන ලදි.මේ සඳහා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හා ගාල්ල දිස්ත්‍රික සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති, පා.ම. සම්පත් අතුකෝරාල මැතිතුමා, නෙළුව ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන් ඇතුළු මන්ත්‍රිතුමන්ලා සහභාගී විය.

නෙළුව ළමා උද්‍යානයේ පැල රෝපණය

නෙළුව ළමා උද්‍යානයේ රුක් රෝපණ වැඩසටහනක් නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තරුණ කටයුතු නිලධාරී මහතාගේ සම්බන්ධීකරණයෙන් 2023.02.07 දින ළමා උද්‍යාන පරිශ්‍රයේදී සිදුකරන ලිදි.

පරිසර වැඩසටහන

නෙළුව සංචාරකක කළාපයේ පිහිටා ඇති දෙල්ලව ඇඳවල සංචාරක ස්ථානයේ පරිසර වැඩසටහනක් 2023.02.13 දින සිදු කරන ලදි. ඒ අනුව එම පරිශ්‍රයේ පැවති පොලිතීන් හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත් කිරීම සිදු කරන ලද අතර මේ සඳහා ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමන් ඇතුළු කාර්යය මණ්ඩලය සහභාගී විය.