කුලි පදනම මත වාහනයක් ලබාගැනීම

කුලි පදනම මත වාහනයක් ලබාගැනීම

කුලී පදනම මත ප්‍රවාහන කටයුතු සඳහා වාහනයක් ලබා ගැනීම

නෙළුව ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ වීථි පහන් අලුත්වැඩියා කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට කුඩා ප්‍රමාණයේ ට්‍රක් රථයක් කුලී පදනම මත ලබා ගැනීම සඳහා පහත කොන්දේසි යටතේ මිල ගණන් කැඳවනු ලැබේ.
ඒ සඳහා ඔබගේ වාහනය යෙදවීම සඳහා නෙළුව ප්‍රාදේශීය සභාව මගින් ලබා ගන්නා ලද විධිමත් අයදුම්පත්‍රයක් මගින් අයදුම් කර මිල ගණන් ඉදිරිපත් කරන මෙන් කාරුණිකව දන්වා සිටිමි.
කොන්දේසි
1. ඉන්ධන සපයා ගැනීම, අළුත්වැඩියා ඔබ විසින් කල යුතුය.
2. ප්‍රවාහන කටයුතු ආරම්භක ස්ථානය නෙළුව ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලය වේ.
3. පෙ.ව. 7.30 සිට 4.30 දක්වා කාලය තුල සේවා සැපයීම සිදුකල යුතුය.
4. සේවාව ලබා ගන්නේ අවශ්‍යතාවය පරිදි වන අතර දින මසකට ගණන නිශ්චිත නොවේ.
5. මෙම සේවාව ලබා ගැනීම ගිවිසුමකට යටත්ව සිදු කරනු ලබන අතර ඔබ එම සේවාව සැපයීමෙන් ඔබ ඉවත් වන්නේ නම් ඒ පිළිබඳ මාසයකට පෙර සභාව දැනුවත් කල යුතුය.
6. කුලී මුදල් ලබා දෙනු ලබන්නේ අදාල මාසය අවසන් වී දින 10 කට පසු චෙක්පත් මගිනි.
7. නෙළුව ප්‍රාදේශීය සභාව තුල ඕනෑම ස්ථානයක ප්‍රවාහන පහසුකම් ලබා දිය යුතුය.
8. අප සේවාව ලබා ගන්නා දිනයේ වෙනත් කාර්යන් සඳහා එම රථය යොදා ගත නොහැකිය.
9. එක වාහනයක් සඳහා ඉදිරිපත් කල හැක්කේ එක් අයදුම්පතක් පමණි.
10. සැලකිය යුතු ඉන්ධන මිල ගණන් වෙනස්වීමකදී පමණක් ගාස්තුව සංශෝධනය කිරීම විධිමත් සභා අනුමැතියක් යටතේ පමණක් සිදු කරනු ලැබේ.
11. අයදුම්පත් 2025.08.05 දිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් හෝ ප්‍රධාන කාර්යාලයට යොමුකල යුතුය.
12. ලිපි යොමු කිරීමේදී ලිපියෙහි ඉහල ” කුලී පදනම මත වාහන සැපයීම” ලෙස සටහන් කල යුතු අතර, “සභාපති, නෙළුව ප්‍රාදේශීය සභාව, නෙළුව ලිපිනයට යොමු කල යුතුයි.
අයදුම්පත්‍රය භාගතකරන්නhttps://neluwaps.lk/wp-content/uploads/2025/07/වීථි-පහන්-සහා-වාහනය.pdf

July 23rd, 2025