පොල් ලී වෙන්දේසි කිරීම

පොල් ලී වෙන්දේසි කිරීම

පොල් ලී ප්‍රසිද්ධ වෙන්දේසි කිරීම

නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාවනාන ග්‍රාම නිලධාරී වසමේ පිහිටි වැලිඕවිට  වත්ත ඉඩමේ ගාල්ල දිසා අධිකරණයේ නඩු අංක පී/14998 දරණ නඩුවට අදාලව ගරු දිසා අධිකරනයේ නියෝගය අනුව අනතුරුදායක තත්වය ඉවත් කිරීම සදහා  නෙළුව ප්‍රාදේශීය සභාව වාසින්  කපා බිමහෙලන ලද  පොල් ලීකැබලි 16  ක් අදාල ඉඩමේදී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණිමට නෙළුව ප්‍රාදේහීය සභාව විසින් තීරණය කර ඇත.

ඉඩමේ විස්තරය               මාවනාන වැලිඕවිට වත්ත
එක් ලී කැබැල්ලක දිග      මීටර් 04
කැබලි ගණන                  16

වෙන්දේසිකරනු ලබන දිනය    2025 අප්‍රේල් මස 07 දින
වේලාව                                 පෙ.ව. 10 .30

  • වෙන්දේසියෙන් ලබාගන්නා අදාල  පොල් ලී කැබලි එදිනම නෙළුව ප්‍රාදේශීය සභාවට වටිනකාම ගෙවා අදාල ස්ථානයෙන් දැව ඉවත්කර ගත යුතුය.
  • මේ සම්බන්ධයෙන් අවසාන තීරණය නෙළුව ප්‍රාදේශීය සභා ලේකම් සතුය.

 

ලේකම්
නෙළුව ප්‍රාදේශීය සභාව

 

March 24th, 2025