භාණ්ඩ වෙන්දේසිය

භාණ්ඩ වෙන්දේසිය

නිවේදනයයි

නෙළුව ප්‍රාදේශීය සභාවේ ප්‍රයෝජනයට ගන්නා පහත සදහන් ලද භාණ්ඩ / උපකරණ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණනු ලැබේ.

අයිතමය                                ප්‍රමාණය

රෝද දෙකේ අත්ට්‍රැක්ටරය        01
පස් තලන යන්ත්‍රය                  01
දියර ඉසින යන්ත්‍ර                   02
තණකොල කපන යන්ත්‍ර         03
බිත්ති විදුලි පංකා                   01
වතුර මෝටර්                        02
වාහන බැටරි                         09
පරිඝනක මොනිටර්                01
ෆොටෝකොපි යන්ත්‍ර             01
ශබ්ධ විකාශන යන්ත්‍ර             02

වෙන්දේසි කිරීමේ දිනය   2025.06.11
වේලාව                         පෙ.ව. 10.00
ස්ථානය                        බටුවංගල පැරණි සභා කාර්යාලය

ඉහත සදහන්කර ඇති භාණ්ඩ සදහා අවම ලංසු මුදලක් දක්වා ඇති අතර වෙන්දේසිය සිදුකරන අවස්ථාවේදී දක්වා ඇති ලංසු මුදල ඉක්මවා මිල ගණන් ඉදිරිපත් කලයුතුය.

වෙන්දේසිය අවසන්වූ වහාම අයදුම්කරන ලද භාණ්ඩ වටිනාකම නෙළුව ප්‍රාෙද්ශීය සභා කාර්යාලයට ගෙවා ලදුපතක් ලබාගතයුතු අතර මුදල් ගෙවු භාණ්ඩ එහ අවස්ථාවෙහිම මෙම කාර්යාල භූමියෙන් ඉවත්කර ගතයුතුය. එසේ කිරීමට අපොහොසත් වන්නේ නම් නැවත වෙන්දේසි කිරීමට කටයුතු කරනු ලැබේ.

 

ලේකම්
නෙළුව ප්‍රාදේශීය සභාව

 

May 31st, 2025