2026 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම

2026 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම

අයදුම්කරුවන් සඳහා උපදෙස් හා කොන්දේසි

01. සම්පූර්ණ කළ අයදුම්පත්‍රය සමඟ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකයේ පිටපතක් අනිවාර්යයෙන් ඉදිරිපත් කළ යුතුය.

02. සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2026 වර්ෂය සඳහා පමණක් වලංකු වන අතර, මිල ගණන් කැඳවීමේදී ලියාපදිංචි සැපයුම්කරුවන් වෙත        ප්‍රමුඛතාවය ලබා දෙනු ලැබේ. කෙසේ වෙතත්, වෙනත් ඕනෑම ප්‍රභවයකින් මිල ගණන් කැඳවීමේ අයිතිය ප්‍රසම්පාදකයා සතුය.

03. ලියාපදිංචියේ දි ලබා දී ඇති තොරතුරු අසත්‍ය බව සොයාගතහොත්, අයදුම්පත ප්‍රතික්ෂේප කරනු ලබන අතර, ලියාපදිංචිය සඳහා ලැබෙන        ඕනෑම අයදුම්පතක් කිසිදු හේතුවක් නොදක්වා පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ආයතන ප්‍රධානියාට අයිතිය ඇත.

04. ඉල්ලුම් කළවිට කඩිනමින් මිල ගණන් ඉදිරිපත් කිරීමට අපොහොසත් වන හෝ නියමිත වේලාවට හා ගුණාත්මකව භාණ්ඩ හා සේවා              සැපයීමට නොහැකි වන සැපයුම්කරුවන් ලියාපදිංචි ලේඛනයෙන් කපා හැරීමට යටත් වන අතර, අනාගතයේදී සලකා බලනු නොලැබේ.

05. සැපයුම්කරුවන් ලියාපදිංචිය සඳහා වන අයදුම්පත්‍රය සහ වැඩිදුර විස්තර අපගේ ප්‍රධාන කාර්යාලයෙන් සහ වෙබ් අඩවිය වන                            www.neluwaps.lk වෙතින් ලබාගත හැකිය.

06. භාණ්ඩ හා සේවා කිහිපයක් සඳහා ලියාපදිංචි වන්නේ නම් වෙන වෙනම ලියාපදිංචි ගාස්තු ගෙවා වෙන වෙනම අයදුම්පත් ඉදිරිපත් කළ            යුතුය. එක් අයදුම්පතක් සඳහා ලියාපදිංචි ගාස්තුව රු.350/- කි.

07. ලේකම්, නෙළුව ප්‍රාදේශීය සභාව නමට ලියන ලද රු.350/- ක චෙක්පතක් එවීමෙන් හෝ නෙළුව ලංකා බැංකු ගිණුම් අංක 6065675              ගිණුමට රු.350/- ක මුදලක් බැර කර තැන්පතුපත එවීම, අපගේ වෙබ් අඩවිය හාරමා මාර්ගගත ගෙවීම මගින්          හෝ සභාවට                පැමිණ මුදල් ගෙවීම මගින් ලියාපදිංචි විය හැකිය.

08. 2026 වර්ෂය සඳහා ලියාපදිංචි වීමට මේ සමඟ අමුණා ඇති ආකෘතිය සම්පූර්ණ කර ලියුම් කවරයෙහි වම්පස ඉහළ කෙළවරෙහි                     “සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම – 2026” යනුවෙන් සඳහන් කර “සභාපති, නෙළුව ප්‍රාදේශීය සභාව, නෙළුව” ලිපිනයට අයදුම්පත එවිය           යුතුය. නැතහොත් කාර්යාලයට ගෙනවිත් භාරදිය හැකිය.

09. වැඩිදුර විස්තර සඳහා 091 22 85 373 දුරකතන අංකයෙන් නෙළුව ප්‍රාදේශිය සභාවේ ප්‍රසම්පාදන විෂය නිලධාරියා අමතන්න.

10. ලියාපදිංචි කිරීමේ ගාස්තු නොගෙවන ලද අයදුම්පත් හා නිසි ලෙස සම්පූර්ණ නොකරන ලද අයදුම්පත් ප්‍රතික්ශේප කරනු ලැබේ.

අයදුම්කරුවන් සඳහා උපදෙස් හා කොන්දේසි භාගතකරන්න

අයදුම්පත්‍රය භාගතකරන්න

online Payment Click here

සභාපති,
නෙළුව ප්‍රාදේශිය සභාව

 

ලියාපදිංචි විය හැකි සැපයුම් හා සේවා

  1. සැපයුම් උපකරණ

1.1  කාර්යාල උපකරණ / ලී බඩු / වානේ ගෘහ භාණ්ඩ

1.2  ලිපිද්‍රව්‍ය හා කඩදාසි

1.3  විදුලි උපකරණ හා වීථි පහන් උපකරණ

1.4  ජලනල උපකරණ

1.5  වාහන යන්ත්‍ර සූත්‍ර අමතර කොටස් හා උපාංග (ටයර්, ටියුබ්, බැටරි හා අනෙකුත් උපාංග)

1.6  ගල් / වැලි

1.7  සිමෙන්ති / යකඩ ඇතුළු ගොඩනැගිලි උපකරණ

1.8  ඩෙටෝල් ලයිසෝල් සබන් ඇතුළු සෞඛ්‍ය උපකරණ (කොසු, ඉදල්, බුරුසු, අත්මේස්)

1.9  පරිගණක හා පරිගණක උපාංග (ටෝනර්)

1.10  මාර්ග නඩත්තු හා වැඩබිම් උපකරණ (උදලු / සවල් / රේක්ක / කැති/ මන්නා / පිහි / තණකොල

කපන යන්ත්‍ර සූතු හා අමතර කොටස්)

 

  1. සේවා

2.1  මුද්‍රණ සේවා සැපයීම.

2.2  වාහන යන්ත්‍ර සූත්‍ර හා උපකරණ අළුත්වැඩියා සහ සේවා කිරීම.

2.3  පරිගණක යන්ත්‍ර සූත්‍ර හා උපකරණ අළුත්වැඩියාව

2.4  අනතුරුදායක ගස් කැපුම්කරුවන්

2.5  කාර්යාලීය උපකරණ අළුත්වැඩියාව සහ සේවා කිරීම

2.6  ඇඳුම් මැසීම (නිල ඇඳුම් / තිර රෙදි / මේස රෙදි ආදිය)

2.7  වටිනාකම රු.500,000/- දක්වා වූ ඉදිකිරීම් කටයුතු (සුළු කොන්ත්‍රාත්)

2.8  ත්‍රෛභාෂිත පරිවර්තන සේවා

2.9  නිල මුද්‍රා, දින මුද්‍රා සකස් කිරීම.

 

 

අයදුම්කරුවන් සඳහා උපදෙස් හා කොන්දේසි භාගතකරන්න

අයදුම්පත්‍රය භාගතකරන්න

online Payment Click here

November 27th, 2025