දූවිලි ඇල්ල සංචාරක පරිශ්‍රයේ දේපල වලට අනතුරු දායකව ඇති දැවමය වටිනාකම් සහිත පහත සදහන් ගස් කපා ඉවත්කර ගැනීම සදහා මිල ගණන් කැදවීම.

දූවිලි ඇල්ල සංචාරක පරිශ්‍රයේ දේපල වලට අනතුරු දායකව ඇති දැවමය වටිනාකම් සහිත පහත සදහන් ගස් කපා ඉවත්කර ගැනීම සදහා මිල ගණන් කැදවීම.

අනු අංකය ගස් වර්ගය ගස් ගණන
1 මාර 04
2 ඇට්ටෝනියා 01

කොන්දේසි

  • මිල ගණන් ඉදිරිපත් කිරීමට, ගස් කපා ඉවත්කිරීම පිළිබද පලපුරුද්දක් තිබිය යුතුය.
  • ප්‍රාදේශීය සභාවේ දේපළ වලට හානි නොවන ආකාරයට ගස් ඉවත්කර ගත යුතුය.
  • සංචාරක පිරිශ්‍රයේ ඇති අනෙකුත් ගස් වැල් වලට සිදුවන හානිය අවම වන ආකාරයට ගස් ඉවත්කල යුතුය.
  • කපා ඉවත් කර ගන්නා ගස්වල සුන්බුන් (කොල අතු) ඉවත්කල යුතුය.
  • ගස් කපා ඉවත් කිරීමට පෙර අදාල මුදල සභාවට ගෙවිය යුතුය.
  • ගස් කැපීම සඳහා බලය ලබා දීමෙන් අනතුරුව මසක් තුල ගස් කපා ඉවත් කල යුතුය. මසක් තුළ ගස් ඉවතකර නොගන්නේ නම් මසකින් අනතුරුව ගස් ඉවත් කිරීමේ බලය අහෝසි වේ.
  • ලිපියේ ඉහල කෙලවරේ “දුවිලි ඇල්ල සංචාරක පරීශ්‍රයේ අනතුරු දායක ගස් ඉවත් කරගැනීම සදහා මිල ගණන් ඉදිරිපත් කිරීම” යනුවෙන් සදහන් කර 2024.07.29 දිනට පෙර මිල ගණන් ලේකම්, නෙළුව ප්‍රාදේශීය සභාව යන ලිපිනයට ලියා පදිංචි තැපෑලෙන් හෝ ප්‍රධාන කාර්යාලයට රැගෙනවිත් භාර දිය යුතුය. එම දිනට පසු ලැබෙන මිල ගණන් ප්‍රතික්ෂේප කරනු ලැබේ.
  • ප්‍රාදේශීය සභාවේ තීරණය අවසන් තිරණය වේ.

 

විමසීම්   091 378 3005,  071 20 54 349 (සමන් මහතා)

 

 

 

ලේකම්                                                                            දිනය      2024.07.15
නෙළුව ප්‍රාදේශීය සභාව
නෙළුව

July 16th, 2024