2025 ජුනි මස 10 වනදාට යෙදුනු පොසොන් පොහොය නිමිත්තෙන් නෙළුව ශාසනාරක්ෂක බලමණ්ඩලය හා නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව දහම්පාසල් දරු දැරියන්ගේ ගායනයෙන් විචිත්‍රවත්කරන ලද පොසොන් බැති ගී සැදෑනක් සංව්ධානය කරන ලද අතර ඇදහැලුනු වැසි නොතකා විශාල ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් යුතුව එය උත්කර්ෂවත් ආකරයෙන් පැවැතිනි.
එම වැඩසටහන අවසානයේ නෙත නොගැටුනු විශේෂ කාරණයක් සිදුවිය. එම වැඩසටහනට සමගාමීව දන්සන් ද ක්‍රියාමත්මකවු අතර විශාල ප්‍රේක්ෂක සහභාගීත්වයක් ද තිබූ බැවින් වැඩසටහන අවසන් වූ පසු වෙළද සංකීර්ණය ඉදිරිපිට විශාල කසල ප්‍රමාණයක් තැන තැන විසිරී පැවතීම දක්නට ලැබිනි. වැඩසටහන අවසනින් පසු නෙළුව ප්‍රාදේශීය ලේකම් තුමන් විසින් තම කණ්ඩායමට ආදර්ශමත් නායකත්වයක් දෙමින් තමාගේද සහභාගීත්වයෙන් නගරය පුරා විසිරී ඇති කසල එකතුකර පිරිසිදු කිරීම එදින රාත්‍රියේම සිදුකිරීම සිදුතරක ලදී.




