පළාත් පාලන සතිය වෙනුවෙන් නෙළුව නගරය සහ ළමා උද්‍යානය පිළිසකර කරමින් දැවැන්ත ශ්‍රමදාන වැඩසටහනක්!

පළාත් පාලන සතිය නිමිත්තෙන් නෙළුව ප්‍රාදේශීය සභාව මඟින් සංවිධානය කරන ලද විශේෂ ප්‍රජා සත්කාරක ශ්‍රමදාන වැඩසටහන අද දින සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි. ​කලක් තිස්සේ නිසි පරිදි පිළිසකර නොවී පැවති නෙළුව ළමා උද්‍යානය නැවත ප්‍රතිසංස්කරණය කර දූ දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා කඩිනමින් ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ විය. ​මෙහිදී ප්‍රධාන වශයෙන්: ​ළමා උද්‍යාන පරිශ්‍රයේ තණකොළ කපා පිරිසිදු කිරීම.… Continue reading පළාත් පාලන සතිය වෙනුවෙන් නෙළුව නගරය සහ ළමා උද්‍යානය පිළිසකර කරමින් දැවැන්ත ශ්‍රමදාන වැඩසටහනක්!

“පුනරුදයේ පුරවර” පළාත් පාලන සතිය – 2026 ආරම්භ කරමින් සියලුම රාජ්‍ය ආයතන ඒකාබද්ධව පැවැත් වූ මහජන ජංගම සේවය සාර්ථකව පවත්වන ලදී.

“පුනරුදයේ පුරවර” පළාත් පාලන සතිය – 2026 ආරම්භ කරමින් සියලුම රාජ්‍ය ආයතන ඒකාබද්ධව පැවැත් වූ මහජන ජංගම සේවය 2026.09.14 දින සාර්ථකව පවත්වන ලදි. දෙල්ලව ශ්‍රී නාථරාම විහාරස්ථානයේ අතිගරු නායක හිමිපාණන් වහන්සේ නෙළුව ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා, ගරු උපසභාපතිතුමා, ලේකම්තුමා ඇතුළු ගරු මන්ත්‍රී‍තුමන්ලා/තුමියන්ලා සහ කාර්යමණ්ඩලය ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු කාර්යය මණ්ඩලය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමා  ඇතුළු කාර්යය මණ්ඩලය… Continue reading “පුනරුදයේ පුරවර” පළාත් පාලන සතිය – 2026 ආරම්භ කරමින් සියලුම රාජ්‍ය ආයතන ඒකාබද්ධව පැවැත් වූ මහජන ජංගම සේවය සාර්ථකව පවත්වන ලදී.

“පළාත් පාලන සතිය 2026” හෙටින් ආරම්භ වේ: පළමු දිනයේ විශේෂ ජංගම සේවා වැඩසටහන දෙල්ලවදී!

පළාත් පාලන සතියට සමගාමීව නෙළුව ප්‍රාදේශීය සභාවේ සංවිධානයෙන් සහ සෙසු රාජ්‍ය ආයතනවල සහභාගිත්වයෙන් සිදු කරනු ලබන විශේෂ ජංගම සේවා වැඩසටහන 2026 දිනය: 2026.09.14 (සඳුදා) වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා ස්ථානය: දෙල්ලව ශ්‍රී නාථරාම විහාරස්ථානය 📋 එදින ලබාගත හැකි සේවාවන්: 🔹 ඉඩම් අයිතිය, පසු අයිතිය සහ බලපත්‍ර ඉල්ලුම් කිරීම / ඉඩම් ගැටළු විසඳීම 🔹… Continue reading “පළාත් පාලන සතිය 2026” හෙටින් ආරම්භ වේ: පළමු දිනයේ විශේෂ ජංගම සේවා වැඩසටහන දෙල්ලවදී!

2026 පළාත් පාලන සතියට සමගාමිව පවත්වනු ලබන වොලිබෝල් තරගාවලිය සදහා අයදුම්පත් කැදවනු ලැබේ.

2026 පළාත් පාලන සතියට සමගාමිව පවත්වනු ලබන වොලිබෝල් තරගාවලිය සදහා අයදුම්පත් කැදවනු ලැබේ. ඔබගේ අයදුම්පත් නෙළුව ප්‍රාදේශීය සභාවෙන් හෝ ඔබගේ කොට්ඨාසයේ ගරු මන්ත්‍රීතුමා/තුමිය මගින් ලබාගත හැකිය. ඔබගේ අයදුම්පත්‍රය 2026.09.15 වන දිනට පෙර ලැබීමට සලස්වන්න.

නෙළුව කොස්මුල්ල සමඟි මාවත ඕවිට පාලම ඉදිකිරීම් කටයුතු ඇරඹේ!

“ඉවුරු යා කරන – ජීවිත ගොඩනගන ග්‍රාමීය පාලම් 800” ඉදිකිරීමේ සිව් අවුරුදු ව්‍යාපෘතිය යටතේ, නෙළුව කොස්මුල්ල සමඟි මාවත ඕවිට පාලම ඉදිකිරීමේ කටයුතු ඊයේ දින(2026.07.14) සාර්ථකව ආරම්භ කරන ලදි. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත, පළාත් පාලන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ නෙළුව ප්‍රාදේශීය සභාව විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. මෙම සුවිශේෂී අවස්ථාව… Continue reading නෙළුව කොස්මුල්ල සමඟි මාවත ඕවිට පාලම ඉදිකිරීම් කටයුතු ඇරඹේ!

දූවිලි ඇල්ලේ 2025/2026 සංචාරක පැමිණීම් නවතම වාර්තාව

දූවිලි ඇල්ල සංචාරක පරිශ්‍රය වෙත පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ප්‍රමාණය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. නිකුත් කර ඇති නවතම සංඛ්‍යාලේඛන වාර්තාවලට අනුව, 2025 වර්ෂය තුළ පමණක් සංචාරකයින් 26,340 දෙනෙකු මෙම පරිශ්‍රය වෙත පැමිණ ඇත. එමෙන්ම, 2026 වර්ෂයේ පළමු කාර්තුව තුළ පමණක් සංචාරකයින් 7,735 දෙනෙකු පැමිණ තිබීම විශේෂත්වයකි. සංචාරක ආකර්ෂණය දිනාගත් දූවිලි ඇල්ල සංචාරක… Continue reading දූවිලි ඇල්ලේ 2025/2026 සංචාරක පැමිණීම් නවතම වාර්තාව

නෙළුව ප්‍රාදේශීය සභාවෙන් සංවිධානය කළ ඒකාබද්ධ ඩෙංගු මර්ධන වැඩසටහන සාර්ථකව පවත්වයි

ජූනි මස 05 වන දිනට යෙදී තිබුණු ලෝක පරිසර දිනය නිමිත්තෙන්, ප්‍රදේශයේ පරිසර සුරක්ෂිතතාවය ඉහළ නැංවීම සහ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම අරමුණු කරගනිමින් නෙළුව ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන ලද විශේෂ ඒකාබද්ධ පරිසර සාධන වැඩසටහනක් 2026.06.05 දින සාර්ථකව පවත්වන ලදී. නෙළුව ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමාගේ සහ ලේකම්තුමාගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ මෙම සත්කාර්යය සඳහා… Continue reading නෙළුව ප්‍රාදේශීය සභාවෙන් සංවිධානය කළ ඒකාබද්ධ ඩෙංගු මර්ධන වැඩසටහන සාර්ථකව පවත්වයි

සෞඛ්‍යමත් නෙළුවක් – නීරෝගී හෙටක්

නෙළුව ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරනු ලබන “ඩෙංගු මර්ධන ඒකාබද්ධ වැඩසටහන” එළඹෙන 2026 ජූනි මස 05 වන දින පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා නෙළුව නගරය සහ ඒ අවට ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. “සෞඛ්‍යමත් නෙළුවක් – නිරෝගී හෙටක්” උදෙසා ක්‍රියාත්මක වන මෙම සුවිශේෂී ඩෙංගු මර්ධන වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා සමස්ත නෙළුව… Continue reading සෞඛ්‍යමත් නෙළුවක් – නීරෝගී හෙටක්

ලෝක පරිසර දිනයට සමගාමීව පවත්වනු ලබන කසල පොළ

2026 ලෝක පරිසර දිනයට සමගාමීව පවත්වනු ලබන දිරාපත් නොවන කසල එකතුකිරීමේ වැඩසටහන 2026.06.04 හා 05 දිනයන්හිදී නෙළුව මහජන පොළ අසලදී පැවැත්වේ. ප්ලාස්ටික් බෝතල් ප්ලාස්ටික් කැබලි සෙල්ලම් බඩු යකඩ විදුරු බෝතල් ප්ලාස්ටික් කප් සැමන් ටින් පත්තර පරණ පොත් P. V. C බට දිරාපු ටකරන් ලබාදිය හැකිය. මෙම එකතුවන ද්‍රව්‍ය විධිමත්ව ප්‍රතිචක්‍රීය මධ්‍යස්ථානයකට යොමු කරනු ලැබේ.